පියෙහි විප්පයෝගෝ දුක්ඛෝ......,,,
හිතුවෙවත් නැති වෙලාවක මුළු ලෝකයක් කම්පා කරමින් ලෝක බලවතුන් පවා දන ගස්වමින් දිනකට මරණ සිය දහස් ගණන් සිදු වෙමින් තුන් බිය සියල්ලන්ගේම සිත් තුල ඉපිදවීමට ඇහැට නොපෙනෙන කුඩා වයිරසයකට හැකි වී තිබෙන මෙවන් මොහොතක එයින් මිදීවට නම් මෙතෙක් කල් මිනිසුන් ගතකළ ජීවිතයේ සැබෑ වෙනසක් අනිවාර්යයෙන්ම අවශ්‍ය වේ.
මෙලොව ඇති සෑම දෙයක්ම අනිත්‍ය බව බුදුන්වහන්සේගේ දේශනාවයි..එය අද බාල තරුණ හා මහළු සියල්ලන්ටම අවබෝධ වී හමාරය. එහෙත් නොමැරෙන මිනිසුන් ලෙස ජීවත්වන වැඩි පිරිසකගේ ක්‍රියාකලාපයන් නිසා එයින් අද සමස්ත ලෝකයම විපාක අත්විඳින බව කිව යුතුමය... නොමැරෙන මිනිසුන් ලෙස ජීවත්වන්නන් කරන කියන දෑ මෙලෙස වචන කීපයකින් විස්තර කළ නොහැකි වුවත් මගේ හද සසල වූ එක සිදුවීමක් නිසා මෙලෙස ලියන්නට සිතුවෙමි.<script async src="https://pagead2.googlesyndication.com/pagead/js/adsbygoogle.js"></script>
<ins class="adsbygoogle"
style="display:block; text-align:center;"
data-ad-layout="in-article"
data-ad-format="fluid"
data-ad-client="ca-pub-8773684987535534"
data-ad-slot="5855904984"></ins>
<script>
(adsbygoogle = window.adsbygoogle || []).push({});
</script>
අප සැවොම ආදරය කළ ඉතාමත් නිහතමානී කලාකරුවකු වූ ආචාර්ය වික්ටර් රත්නායක මහතාගේ වැඩිමල් පුත් ජයන්ත රත්නායක මහතාගේ වියෝ වීම ඔහුට ආදරය කළ අප කාටත් දරාගැනීමට අපහසු ඉතාමත් සංවේදී පණිවිඩයක් විය. නමුත් එය සමගම ඔහු අවසන් වතාවට මාධ්‍යය ඔස්සේ ප්‍රකාශකලා යැයි කී යම් ඉල්ලීමක් පිළිබඳව සිරස මාධ්‍ය ජාලයේ පෝදා ධර්ම සාකච්ඡාමය වැඩ සටහනකින් ඇසූ මා තවත් සංවේදී වූවා පමණක් නොව මෙම අදහස් ලිවීමට මාගේ හිතට දැඩි සේ ඉල්ලීම් කලා. එතුමන් මියගොස් තිබූයේ පිලිකාමය තත්ත්වයකට ප්‍රතිකාර ලබමින් සිටියදී මහරගම අපේක්ෂා රෝහලේදීයි.
මා පෙර සදහන් කල ඔහුගේ සංවේදී ඉල්ලීම වී තිබූයේ ඔහුට මෙම දරුනු පිලිකාවට ගොදුරු වීමට හේතුවක් වූවේ වස විසෙන් යුත් ආහාර පරිභෝජනය නිසා බවත්, ඔහු වෙළඳ මහතුන්ගෙන් ඉල්ලා සිටියේ දැන්වත් වස විස යෙදූ ආහාර <script async src="https://pagead2.googlesyndication.com/pagead/js/adsbygoogle.js"></script>
<ins class="adsbygoogle"
style="display:block; text-align:center;"
data-ad-layout="in-article"
data-ad-format="fluid"
data-ad-client="ca-pub-8773684987535534"
data-ad-slot="5855904984"></ins>
<script>
(adsbygoogle = window.adsbygoogle || []).push({});
</script>මිනිසුන්ට අලෙවි නොකරන ලෙසත්ය.
වස විස සහිත ආහාර පරිභෝජනය කරන මිනිසුන් වැඩි රටවල් අතරින් ඉහළම ස්ථානය ශ්‍රී ලංකාවට හිමි වී ඇති බව අද වන විට බොහෝ දෙනෙක් දන්නා කරුණකි. නමුත් දැන දැනම "අම්මේ බඩගිනී.." කී විගෙස "කොත්තු මී ෆන් තමා" කියමින් දරුවන්ට විග විගහට එහෙට මෙහෙට කර පිගානට දමා දී අම්මාවරුන් එක්කෝ මුහුණු පොතේය. නැත්තන් රූපවාහිනියේ යන කසිකබල් මෙගා නාට්‍ය බලමින්ය. ඉස්සර කාලේ පරිප්පු කෑවේ පරිප්පු රසටය...දැන් ඒවා කන්නේද ච්කන් රසටය. සම්බෝලයත් චිකන් රසටය. අනික් වෑංජනත් චිකන් රසටය. සෝයාමීට්ද චිකන් රසටය..එක විදියකට නෙවේ චිකන් ඩෙවලුත් ඕනෑය..රෝස්ට් චිකන් රසටත් ඕනෑය..තන්දුරී චිකනුත් ඕනෑය. ඔක්කොමත් හරි මේවත් එක්ක ඇත්තම චිකනුත් ඕනෑය. සොසේජස් ටිකක් බතට කවලම් කර දුන්නොත් තවත් හොඳය....
මිනිස්සු මෙච්චර දිව පිනවන්නට උත්සාහ කරත් ඒ මොන සෙල්ලමත් කෑම ටික උගුරෙන් පල්ලෙහාට යනකල් පමණකි. මෙතරම් වැඩ කිඩ දමා, දාන්න ඕන රසකාරක සියල්ල දමා, සෝස් වර්ග සියල්ල දමා කෑම ටික හදාගන්නේ දිව පිනවීමටම පමණකි. වැඩ ටික පටන් ගන්නේ ඊට පසුවය. ඔබ කන්නේ හැම් බේකන්ද, පීසාද කොස් පොලොස්ද ආමාශයට නම් උස් පහත් නැත. පිලිකාකාරක පැමිණියොත් ඒවාද, පෝෂ්‍ය ද්‍රව්‍ය පැමිණියොත් ඒවාද අවශ්‍ය තැන් වලට යවා ඊට අදාල හොඳ හෝ නරක ප්‍රතිඵල කෙටි කාලීනව හෝ දිගු කාලීනව ඉටු කිරීමට අපේ ආහාර මාර්ගය කිසිදු භේදයකින් තොරව සර්ව සාධාරණ ලෙස කටයුතු කරයි.
මෙහිදී පැවසිය යුතු ප්‍රධාන කාරණා දෙකකි. එනම් මෙහි වරද එක් පාර්ශවයකට එල්ල කිරීමට නොහැකිය. එක් කාණ්ඩයක් වනුයේ පෝෂ්‍යදායි, රසකාරක නොයෙදූ ආහාර කොතෙකුත් තිබියදී වස විස සහිත "පොෂ් " ලෙස හැදුන්වන කෑම පස්සේ දුවන, ලෝකෙට පේන්න හෘදසාක්ෂියට එකග නොවී රැල්ලට හසු වී සිටින්නන් ය. ඔවුන් වැරදි ආහාර රටාවකට හුරුවීම නිසා පිලිකාවක් වැලදී මිය ගිය දාට පීසා හට් එකේ ගනිපු සෙල්ෆියට "wow" කියා කියූ අයම "RIP" කියනු ඇත. එපමණකි.<script async src="https://pagead2.googlesyndication.com/pagead/js/adsbygoogle.js"></script>
<ins class="adsbygoogle"
style="display:block; text-align:center;"
data-ad-layout="in-article"
data-ad-format="fluid"
data-ad-client="ca-pub-8773684987535534"
data-ad-slot="5855904984"></ins>
<script>
(adsbygoogle = window.adsbygoogle || []).push({});
</script>
අනෙක් කාණ්ඩය ඇත්තෙන්ම අසරණ මිනිසුන්ය. මානුෂික නොවන අයුරින් වෙළෙදුන් විසින් ආහාර වලට වස විස එක් කිරීමෙන් පසු නොදැනුවත්වම එම විෂ ආහාර පරිභෝජනය කරන මිනිස්සුන් ඉතා අසරණය. අද වන විට වස විස නොයෙදූ කිසිදු ආහාරයක් සොයා ගැනීමට නොහැකි තරම්ය. ගමේ උදවිය ගහෙන් කොස් ගෙඩිය කඩාගෙන නැවුම්ව ආහාරයට ගන්නා විට නගරයේ අය මාකට් එකෙන් කොස් ගෙනවිත් ආහාරයට ගත්තද ඒවා ඔර්ජිනල් කොස් නොවන බවද කණගාටුවෙන් වුවද පැවසිය යුතු සත්‍යයකි. ඒවා හාපික් වල හෝ වෙනත් විෂ රසායනික තුල ගිල්වූ කොස් ය. කහ කුඩු, මිරිස් කුඩු සියල්ලටම විෂ වර්ණක කලවම්කොට ය. වර්තමානයේ තමන්ගේ රැකියාවන් නිසාම මිනිස්සුන්ට නගරයට සීමා වී ජීවත්වීමට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ සිදුවී ඇත. මෙවන් පසුබිමක ඔවුන්ට මිලදී ගැනීමට සිදු වී ඇත්තේ මෙම වස විස කවලම් කෙරූ ආහාර ද්‍රව්‍ය යි.
කොරෝනා වසංගතය සමග මිනිසුන්ට සිතීමට, තමන් ගත කල ජීවන රටාව දෙස නැවත හැරී බැලීමට, තමන් කල වැරදි, තමන් හුරු පුරුදු වූ වැරදි චර්යාවන් වෙනස් කර ගැනීමට කාලය එලඹී ඇත. පොෂ් කෑම පසුපස හබා ගිය ඇත්තන්ට ගමේ කොස් පොලොස් කෑමට සිදු වෙලාය. ගමේ කොස් පොලොස් වස විෂ එකතු කොට හාපික් වල ගිල්වා නගරයේ විකුණූ අයටද දැන් තම තමන්ගේ දරුවන්ගේ බඩ පිරවීමට පිහිටට ඇත්තේ කොස් පොලොස්මය. ඔවුන් දැන් ඵලදාව වැඩි නිසා නොමිලයේත් බෙදනවාද මා දුටිමි. ඒ හැර තමන්ට ඉදිරියට එන කොස් පොලොස් නැති කාලයේදී තම දරුවන්ගේ බඩ කට පිරවීමට කියා ඔවුන් ඒවාට හාපික් දමා කල් තබා ගන්නේද නැත.
කොරෝනා අපට ඉගැන්වූ පාඩම් බොහෝයි. ඒ අතුරින් වඩාත්ම වැදගත් වන්නේ දැන්වත් සැබෑ මනුෂ්‍යත්වය අප සියල්ලන්ම ඇති කරගත යුතු බවයි. සත්ව ලෝකයේ සිටින මිනිසාට බොහෝ සමානකම් දක්වන වදුරන් වැනි සතුන් කරදරයක් වූ අවස්ථාවක තමන් අසල සිටින කුඩා වදුරු පැටියාව රැගෙන දුවන අතර තමාගේ දරුවාද වෙනෙකෙකුගේ දරුවෙක්ද කියා ඔවුන් සොයන්නේ නැත. සියල්ලනම එක්ව එකාවන්ව කරදර විපත්ති වලින් දිවි ගලවාගන්නේ එසේය. ඒත් මනසින් උසස් මිනිසුන්....? මෙතරම් කල් මිනිසුන් හැසිරුනේ තමන්ගැන පමණක් සිතාය.
මනසින් උසස් මිනිසුනේ දැන්වත් අප අපවම විනාශ කර ගැනීමේ මේ පවිටු ක්‍රියාවන්ගෙන් වැලකී සිටිමු. තමන්ට මෙන්ම අන් අයටද ආදරය කරමු. අනෙකාද ආරක්ෂා කරමු. එවිට මෙවන් ආදරනීය මිනිසුන් අප අතරින් අකාලයේ මිය යාම සිදු නොවනු ඇත.
මෙලොවට පැමිණි සියල්ලන්ටම ආපසු යන්නට සිදුවන බව සැබෑය. නමුත් අකාලයේ මියදෙන්නට තරම් අවාසනාවන්ත වන්නේ පෙර කී මිනිසුන් කාණ්ඩ දෙකෙහි ක්‍රියාකාරකම් නිසා ය. එබැවින් දැන්වත් අපි වෙනස් වෙමු. මාරයෙකු විලසින් පැමිණියද කොරෝනා අපට නැවත අපගේ ජීවිතය දෙස හැරී බැලීමට අපට අවස්ථාවක් ලබා දී තිබෙනවා. එයින් උපරිම ප්‍රයෝජනය ලබාගමු.

No comments:
Post a Comment